View Static Version
Loading

ජිනීවා, සංක්‍රාන්ති යුක්තිය සහ ලංකා රාජ්‍යයේ අපරාධවල 'දකුණේ සළකුණු' #MissingLoversDay | #DISAPPEARANCE | #srilanka

'අපට අහිමි ආදරය ඔබට කිසිදා අහිමි නොවන්නට'  | ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයෙන් 2015 ඔක්තෝබර් මාසයේ දි 30/1 යෝජනාව සම්මත කළේය. 30/1 යෝජනාවෙහි මූලික හරය වූයේ සංක්‍රමණිය යුක්ති ක්‍රියාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි. එම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රධාන කොටස් වන දැනගැනීමට ඇති අයිතිය, යුක්තියට ඇති අයිතිය, හානි පූර්ණයට ඇති අයිතිය සහ නැවත සිදු නොවන බවට සහතික වීම යන ප්‍රධාන සංඝටක වලින් එය සමන්විත වෙයි. එම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අනුව යාන්ත්‍රණ 4ක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විය. ඒවා නම්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය, හාණිපූර්ණ පිළිබද කාර්යාලය, සත්‍ය සෙවීම සදහා කොමිෂන් සභාව සහ යුක්තිය සෙවීමේ යාන්ත්‍රණ යන එම ක්‍රියාවළින්ය. මෙයින් මේ වන විට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව වන කාර්යාලය සම්පූර්ණයෙන්ම පිහිටුවා අවසන් අතර හාණිපූර්ණ පිලිබද කාර්යාලයත් යම් මට්ටමකින් පිහිටුවා තිබිණි. නමුත්, දැන් තත්ත්වය වෙනස් වේ ගෙන එන්නේ යුක්තිය පිළිබද තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින්ය. මෙවර ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය සදහා, ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා ගිය දිනේශ් ගුණවර්ධන ඇමතිවරයා, පසුගිය 26වනදා, ජිනීවා හී 43වන සැසිවාරයේදී පවසා සිටියේ, 2015 ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කර ගත්, 30/1 යෝජනාවෙන් ලංකාව ඉවත් වන බවයි. යුක්තිය සම්බන්ධයෙන් වූ එම වැදගත් යෝජනාවලින් දැන් නිළ වශයෙන් ඉවත්වන බව වත්මන් ගොඨාබය ආණ්ඩුව පවසා තිබේ. කෙසේ නමුත්, දැන් රාජපක්ෂ ආණ්ඩුව මේ සමස්ථ ක්‍රියාවළියෙන්ම ඉවත් වන්නේද? පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව වූ කාර්යාලය අහෝසි කර දමන්නේද? යුක්තිය සොයායෑමේ ක්‍රියාවලිය අවසන් කරන්නේද? අපරාධ කරුවන්ට නිදහසේ ක්‍රියාත්මක වන්නට හෙවත් අපරාධ සිදුකර දඩුවම් නොළඹා සිටිමේ සංස්කෘතිය තවදුරටත් පෝෂණය කරන්නේද? මේ, ලංකාව ශිෂ්ට රාජ්‍යක් සදහා සිහින දකින ඕනෑම පුරවැසියෙක් රාජපක්ෂ ආණ්ඩුවෙන් දැන් ඇසිය යුතු ප්‍රශ්ණවලින් කිහිපයකි.

ඇමති දිනේශ් ගුණවර්ධන, ජිනිවා හී 43වන සැසිවාරය අමතමින්

නමුත් පසුගිය පෙබරවාරි 14වනදා කොළඹට රැස්වූ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව සදහන් කළේ, අතුරුදහන් වූවන් පිළිබද වන කාර්යාලය, ඔවුන්ගේ දීර්ඝකාලීන කැපවීමේ එක් ප්‍රතිඵලයක් ලෙසයි. එම වැඩසටහන එක් වී සිටි දකුණේ දී අතුරුදහන් කළවූවන්ගේ, අම්මාවරුන්, පියවරුන් සහ සහෝදර සහෝදරියන් අගමැති කාර්යාලය දක්වා පා ගමනින් ගොස් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ 'යුක්තිය' ඉටු කර දීම මෙන්ම, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ලබා දීම සදහා යෝජනා වී ඇති දීමනාව ඔවුන්ට ලබා දෙන ලෙසයි.

දකුණේ දී අතුරුදහන් වූවන් මෙසේ යුක්තිය සහ සහන ඉල්ලා සිටින විට අගමැති රාජපක්ෂ පසුගිය ‍9පෙබරවාරි වනදා නිවේදනයක් නිකුත් කරමින් කීවේ මෙසේ ය: “වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.” (BY Sunanda Deshapriya https://www.vikalpa.org/?p=36961)

අගමැති කාර්යාලය දක්වා පගමනින් යන දකුණේ වින්දිතයන්

මේ දකුණේ වින්දියන් පාගමනින්, මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාගේ කාර්යාලයට ගොස් ඉල්ලා සිටියේ වසර ගණනාවක් පමා වූ යුක්තිය සහ හානි පූර්ණය තමන්ට ළගා කර දෙන ලෙසය. දැන් අගමැතිවරයාගේ ඉහත ප්‍රකාශය මේ මව්වරුන් සහ පියවරු කෙසේ තේරුම් ගනීවිද? පහත දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ ඒ වසර ගණනාවක් පමා වූ යුක්තිය ලගා කර ගැනීමට වෙහෙසෙන දකුණේ අම්මාවරුන් සහ පියවරුවන් වෙනුවෙනි.

කොළඹ, විහාරමහා දේවී උද්‍යානය, 14 පෙබරවාරි 2020 (Lovers Day)

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ආණුඩුව විසින් ජීනිවා සහ ලංකාව සමානුග්‍රහයෙන් සම්මත කරන ලද ලංකාවේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබදව වූ යෝජනාව ඉල්ලා අස් කර ගන්නා බවට ජිනීවා හී කියන විට, මානව හිමිකම් පිළිබද, ඒක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වූ Ms. Hana Singer(UN residential coordinator) සහ Senior Human Rights Advisor, Mr. Juan Ferdinandez අතුරුදහන් වූවන්ගේ සමීපතමයින් අතර.... ඔවුන්ගේ වේදනාත්මක අදහස්වලට සවන්දෙමින්....

Ms. Hana Singer(UN residential coordinator) with Families
Ms. Hana Singer(UN residential coordinator) සහ අතුරුදහව් වූවන්ගේ පවුල්වල සමීපතමයින්

ආදරවන්තයින්ගේ දිනය දා අරලිය ගහ මන්දීරය අසලදී මවක් සිය දියණිය ගැන මෙසේ කීවාය.

තවක් එවැනිම අපරාධයක් ගැන අරලියගහ මන්දීරය ඉදිරිපිටදී මෙසේ කීවේය...

'යටත් වූවන්ගේ ලැයිස්තුව හෙළි කිරීම OMP යේ වගකීමක්' (දැන්?????)
OMP වගකිවයුත්තනි, සත්‍ය හෙළි කිරීමේ ප්‍රමාදය විශ්වාසය බිද දමයි( හෙට????)
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය අතුරුදහන් නොකරනු!

“30/1 යෝජනාවේ වැදගත් අරමුණු ආරක්ෂා කර වර්ධනය කර ගත යුත්තේ වින්දිතයින්ට යුක්තිය සහ සහනය ලබා දීම, මානව හිමිකම් උල්ලංඝනය කිිරීමේ අතීත රටාවන් පුනරාවර්තනය නොවන බවට සහතික කිරීම සියල්ල ඇතුළත් සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ය.”(මහ කොමසාර්ස්වරියගේ වාර්තාව/ Sunanda Deshapriya/ https://www.vikalpa.org/?p=36961 )

'OMP අපේ මහන්සියේ ප්‍රතිඵලයක්!' (Brito Fernando/ 14 February 2020/ Colombo)
'අපේ ආදරණීයන්ට මොකද උනේ කියල දැන ගන්න අපිට අයිතියක් තියනවා' (Jayathilaka Bandara/ 14 February 2020/ Colombo)
'අපේ ධෛර්යයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස දැන් නීති පොතට ඇතුලත් වෙලා තියෙන්නේ' (Manori Muththttuwegama/ 14 February 2020/ Colombo)

'ජිනීවා පොරොන්දු අතුරුදහන් නොකරනු' (දැන්????)

යටත් වූවන් වග කියන්නේ කවුද?

යුක්තිය අත්‍යවශයි!

Created By
Sampath Samarakoon
Appreciate

Credits:

VIKALPA/SampathSamarakoon

NextPrevious