View Static Version
Loading

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය හෙළා දකිමින් යුක්තිය වෙනුවෙන් නැඟුණු ලාංකේය හඬ 2018.10.25 වන දින දහවල් 12 ට ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව විකල්ප කැමරාවේ සටහන් වූ අයුරු

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර

“ අරාබි ලෝකයට දැන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ නිදහස් ප්‍රකාශනයයි "

"මෑතකදී Freedom House විසින් ප්‍රකාශයට පත්කරන ලද “Freedom in the World” 2018 වාර්තාව මා විසින් අන්තර්ජාලයෙන් කියවීමෙන් බරපතල යතාර්ථයක් තේරුම් ගතිමි. එහි වර්ගීකරණයට අනුව “නිදහස්” රටක් ලෙස හඳුනා ගෙන ඇත්තේ අරාබි ලෝකයේ එකම එක රටකි. එනම් ටියුනීසියාව පමණි. ජෝර්දානය, මොරොක්කෝව සහ කුවේට් රාජ්‍ය එහි දෙවෙනි තැනට පත්ව තිබෙන්නේ “අඩක් නිදහස්” යන වර්ගීකරණය යටතේය. අරාබි ලෝකයේ අනෙක් සියලු රටවල් වර්ගීකරණය කොට ඇත්තේ “නිදහස් නොවන” රටවල් ලෙසය” - ජමාල් කෂෝගී -

මේ ජමාල් කෂෝගී අවසන් වරට වොෂින්ටන් පොස්ට් වෙත ලියන ලද තම කොළමේ ආරම්භක වාක්‍ය කීපයයි . එය පළ කිරීමටත් ප්‍රථම ලොව සසල කරමින්ය ඔහු ඝාතනය වී තිබුණි. ජමාල් කෂෝගී යනු සෞදී අරාබියේ ජනමාධ්‍යවේදියෙක් මෙන්ම කතුවරයෙකි. එසේම ඝාතනය වන විට හෙතෙම වොෂින්ටන් පොස්ට් ග්ලෝබල් වෙත තීරු ලිපි රචකයෙක් ලෙස සම්බන්ධ වී සිටියේය. කිෂෝගී මිට පෙර අල්- අරාබ් ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන සංස්කාරකවරයා හා කළමණාකරු ලෙසද එසේම සෞදි ආරාබි පුවත්පතක් වන අල් වතාන් පුවත්පතේ සංස්කාරකවරයා ලෙසද සේවය කොට තිබේ.වසර 30 කට ආසන්න කාලයක පරිණත අත්දැකීම් සහිත කිෂෝගී ඔක්තෝම්බර් මස 2 වන දින තම පළමු විවාහයේ දික්කාසදයට අදාළ ලියකියවිලි ලබා ගැනීමට තුර්කියේ ස්තාන්බුල් හි පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට යාමෙන් පසු ඔහු අබිරහස් ලෙස ඝාතනය වේ. 59 හැව්රිදි වියේ පසු වූ කෂෝගී සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බිල් සල්මාන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ විවේචනය කරන ලද අතර මාධ්‍යවේදී කෂෝගීගේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූයේ ඔහු වෙතය. කෙසේවෙතත් ඔක්තොම්බර් මස 2 වන දා සිට ඔක්තෝම්බර් 19 වන දා දක්වා සති දෙකක කාලයක් මෙම ඝාතනය වසන් කරමින් සිටි සෞදි රජය අවසානයේදී ඔහු ඝාතනය කොට ඇති බව පිළිගන්නා ලදී.මෙම සිදුවීම සම්බන්ධ නවතම මාධ්‍ය වාර්තා එළිදක්වමින් අල් ජසිරා පුවත් සේවය දක්වා ඇත්තේ කෂෝගීගේ ඝාතනය සිදු කොට ඇත්තේ පුර්ව ඝාතන සැලැස්මකට අනුව බවය. එහෙත් තවමත් ඔහුගේ සිරුරට සිදු වුයේ කුමක්ද යන්න ගැටලුවක්ව පවති.

ඒ අනුව 2018.10.25 වන දින දහවල් 12 ට ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට හෙලා දකිමින් හා එයට වීරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ දී මාධ්‍යවේදීන්/ මාධ්‍යවේදිනියන්, සිවිල් ක්‍රියාකාරීන්/ ක්‍රියාකාරිනියන්, මාධ්‍ය සංවිධාන ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් හා සෞදි රජයට ඒ කෙරේ බලකරමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එය සංවිධානය කොට තිබුණි.

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර

එසේම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජමාල් කෂෝගී ඝාතනය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද ප්‍රකාශ කොට තිබේ. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර

"මාධ්‍යවේදී කෂෝගිගේ ඝාතනය සිදුවූ ආකාරය හා ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක් ද යන්න තවමත් අභිරහසකි. මෙකී තත්ත්වය සමස්ත ලෝකයේම මාධ්‍ය වෙත එල්ල වී ඇති දරුණු ගණයේ මර්දනයට කදිම නිදසුනකි"

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය පිවිසුම් දොර අසළ
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය නාම පුවරුව
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර

"ලොව සෑම රටකම ජනමාධ්‍ය සමාජ මෙම තත්ත්වයට එරෙහිව දැඩි හඩක් නැගිය යුතු බව අපගේ අදහසය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට මෙවැනි සිදුවීම් හරහා එල්ල වන්නේ දරුණු අභියෝගයකි. විවේචන ඉවසිය නොහැකි පාලකයන් හමුවේ ජනමාධ්‍ය සමාජය අනතුරුදායක බව අප රටේ ඉතිහාසය ද සාක්ෂි සපයා තිබේ"

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර

"ශ්‍රී ලංකාවේ ඝාතනය වූ සහ අතුරුදන් කළ, පහරකෑම්වලට ලක් වූ ජනමාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති පරිසරයක මෙවැනි සිදුවීම් අප රටේ ජනමාධ්‍ය සමාජ සසල කරන්නකි.සෞදිය කෂෝගී ඝාතනය පිළිගනිමින් නිල නිවේදනයක් නිකුත් කර ඇත. එහෙත් සෞදිය සත්‍ය වසන් කිරීමට එම නිවේදනය නිකුත් කළ බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ."

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ඒ අනුව ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරමින් ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදී කිෂෝගී ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන මණ්ඩලයක් හරහා විමර්ශනයක් සිදුකර ඝාතකයන් සහ ඊට අනුබල දුන් පිරිස් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියාට යුක්තිය ඉටුකරන ලෙසය. (ශ්‍රීලංකා මාධ්‍ය සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශය)
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය පිවිසුම් දොරටුව අබියස
"අරාබි ලෝකයට පැරණි අන්තර්ජාතික මාධ්‍ය ක්‍රමවේදයට දැන් නවමු මොඩලයක් අවශ්‍ය වේ, එවිට පුරවැසියා ගෝලීය තත්වයන් හා සිදුවීම් සම්බන්ධව දැනුවත් වනු ඇත. වඩා වැදගත්ම කාරණය නම් ආරාබියේ හඬ සඳහා අප වේදිකාවක් තනා දිය යුතුය. අපි දුගීභාවයෙන්, දුර්වල කළමනාකරණයෙන් හා අධ්‍යාපනයේ දුප්පත්කමෙන් පිඩා විදිමු. දේශපාලන න්‍යාය පත්‍ර පදනම් කරගනිමින් වෛරය පතුරන ජාතිකවාදී ආණ්ඩුවල බලපෑමෙන් මිදී ස්වාධින ජාත්‍යන්තර වේදිකාවක් නිර්මාණය කිරීමෙන් අරාබි ලෝකයේ වෙසෙන සාමාන්‍ය පොදු ජනයාට ඔවුන් ජිවත් වන සාමජයන්හි දී මුහුණ දීමට සිදුවන ආකෘතිමය ගැටලු වෙත ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති"

මේ කෂෝගී තම අවසන් කොළමේ සටහන් කළ අවසන් වාක්‍ය කීපයයි.

එහෙත් ඒ ලෝකය දකින්නටත් පෙර මිනීමරුවන් විසින් කෂෝගී ආමානුෂික ලෙස ඝාතනය කොට ඔහුගේ ලියවිලි නිහඬ කිරීමට සමත් ව තිබේ.එහෙත් ඔහුගේ සිතුවිලි වලින් දකින්නට උත්සාහ කළ, වෙහෙසුණු ලෝකය වෙනුවෙන් මනුෂ්‍යත්වය, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා එකතු විය යුතුය.අපරාධකරුවන් පලා යන එමෙන්ම කිසිදු දඬුවමකින් තොරව නිදැල්ලේ හැසිරෙන අතීතයක් හිමි අපි මේ බල කිරීම් නොකළ හොත් හෙට දවසෙත් රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මිනිසුන්ගේ නිදහස, ප්‍රකාශනයේ අයිතිය මෙන්ම ජිවිතයද අමු අමුවේ මරා දමන බවට කිසිදු සැකයක් නැත. කෂෝගීගේ ජිවිතයට යුක්තිය ඉටුවිම වෙනුවෙන් අප නැඟී සිටිය යුත්තේ එබැවිනි.එසේම ඔහු අවසන් තත්පරය දක්වාම සටන් කළ සෞදි අරාබිය ඇතුළු මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කර ඇති රටවල් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරගලයට ද පන පෙවීමට දැන් අවශ්‍ය වේ.

ජමාල් කෂෝගිට යුක්තිය ඉටුවන්නේ එදිනටය!

ශ්‍රී ලංකා සෞදී තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට විරෝධය පළ කරමින් පැවති විරෝධතාව අතරතුර
Created By
Ishara Danasekara
Appreciate
NextPrevious

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.