Loading

ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් නැගී සිටි ඉරිදාවක් ! ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ විකල්ප කැමරාවේ සටහන් වුයේ මෙලෙසින්

මේ ගෙවී යන්නේ ලාංකේය ඉතිහාසයේ අවාසනාවන්ත පරිච්ජේදයන්ගෙන් එකකි. ඉතිහාසය, වර්තමානය හා අනාගතය නැවත අවිනිශ්චිත කොට තිබේ. දැන් ලියවෙමින් ඇත්තේ, මකා දැමිය යුතුව යුතුව තිබු ප්‍රජාතාන්ත්‍රික හා සමාජවාදී ජනරජයකට එකතු නොවිය යුතු පරිච්ජේදයකි. එහෙත් ඒ කළු පැල්ලම සහිත අවාසනාවන්ත පරිච්ජේදය පාලකයන්ගේ අමනා ක්‍රියා හමුවේ ලියවෙමින් තිබේ.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු බරපතලම පහර එල්ලවී අද ( 2018.11.04) ඉරිදා දිනට දින 10 කි.

පුරවැසියන් විසින් ප්‍රදර්ශන පුවරු සකස් කරමින්
මාර්ගයේ ගමන් ගන්නා පුරවැසියන්ගේ සහයෝගය

පසුගිය සිකුරාදා දින ( 2018.10.25 ) සිට ව්‍යවස්ථා අර්බුධයකට හා දැඩි දේශපාලන අස්ථාවර භාවයකට පත් වී මේ රටේ රටේ පාලක පන්තිය විසින් අටවා ලන ලද ළිං වලේම වැටි මිය යන්නට පුරවැසියන්ට සිදු කරමින් සිටින මේ මොහොතේ එයට විරෝධය පාමින් පසුගිය 30 වන දා සිට අඛණ්ඩව දින 4 ක් පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් මේ රටේ පුරවැසියන් සවස 4.30 සිට 6.30 දක්වා අව් , වැසි, දුවිලි නොතකමින් කොළඹ කොල්ලුපිටිය මංසංධියේ කළ විරෝධතාවයේ 5 වන දිනය වන අද දිනයේ දහවල් 12 සිට සවස 7 දක්වා ඉතා විශාල ජන සහභාගී ත්වයකින් මේ මොහොතෙත් පැවැත්වෙමින් තිබේ.

විශේෂයන්ම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති ස්වාධීන පුරවැසි උද්ඝෝෂණයක් ලෙස පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනා පුරවැසියන් ලෙස ඔබටත් තවමත් එක්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ විකල්ප කැමරාවේ සටහන් වුයේ මෙලෙසින්

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.