Loading

“ මා ගැබිනියකව සිටිය කාලේදී මගේ ලේ කිරි වෙන්නත් කලින් මගේ මේ දරුවන් දෙන්නා,මෙලොව එලිය දකින්නත් කලින්, මගේ මදුෂ්කව අතුරුදහන් කෙරවෙව්වා. දැනට අවුරුදු 6 ක් වෙනවා"

“ මා ගැබිනියකව සිටිය කාලේදී මගේ ලේ කිරි වෙන්නැත කලින්, මගේ මේ දරුවන් දෙන්නා.මෙලොව එලිය දකින්නත් කලින්, මගේ මදුෂ්කව අතුරුදහන් කෙරවෙව්වා. දැනට අවුරුදු 6 ක් වෙනවා"
"අවුරුදු 6 පුරාවටම මම යන්ඩ තියෙන හැම තැනකටම ගියා”

ඒ මයුරි ඉනෝකා ජයසේනගේ හඬය. හරියටම වයස 6 ක නිවුන් දරුවන් දෙදෙනෙකුගේ දඟ වැඩ ඉවසමින්, එහෙ මෙහෙ දුව පනින මේ දරුවන් දෙදෙනා වත්තන් කරගනිමින් ඇය තනිවම, ගෝල් ෆේස් අහසේ නිදහසේ පාවෙන සරුංගල් අතරේ හිතේ අතොරක් සිතුවිලි හිරකරගෙන වාඩි වී සිටියේ, සීරුවට හොරෙන් හොරෙන් අනෙක් යට නොපෙන්නට කඳුළු සලමින්ය. තමන්ගේ දරුවන් අයිස් ක්‍රීම් අරන් දෙන්නට, සරුංගල් අරින්නට, වඩේ කන්නට, රැල්ල පාගන්නට එක්කන් එන දහසක් තාත්තලා වෙනුවට මේ දරුවන්ට ඉතිරි වී ඇත්තේ ඔහු ගැන ඉතුරු වී ඇති මතක සටහන් කීපයක් පමණි.

කුඩා දියණිය කිසි දිනෙක නොදුටු තම පියාගේ වෙනුවෙන් තම දෑත් එකතු කරන වදිනවා වරෙක අපි දුටුවෙමු. එය හද සසල කරන්නකි.

මධුෂ්ක හරිස් ද සිල්වා, ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකුද සමඟ සුදු වැන් රථයකට, අනුරාධපුර නගරයේ ,දෙනෝ දාහක් සෙනඟ මැද බලෙන් දමා ගෙන පැහැර ගෙන යනු ලබන්නේ 2013 සැප්තැම්බර් මස 2 වන දිනය, එනම් මිට අවුරුදු 6 කට පෙරය. ඒ මදුෂ්ක අවසන් වරට දුටු දිනය. සුදු වෑන් රියේ පැමිණියෝ එහි රැස් වුවනට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි ( CID ) පවසන හැඳුනුම්පත් පවා පෙන්වා තිබේ. ඔහු සමඟ රැගෙන ගිය මිතුරන් දෙදෙනා නැවත පසු දින පැමිණියත්, මධුෂ්කගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් අදටත්, කිසිම තොරතුරක් ලැබී නැත. එවකට මයුරි සත් මස් ගැබිනියකව සිටියාය.

“ මං වාඩි වුණේ සාධාරණ පිළිතුරක් බලාපොරොත්තුවෙන්'
" මගේ මධුෂ්කව පැහැර ගෙන යනකොට, තවත් දෙන්නෙක් එක්ක තමයි පැහැර ගෙන ගියේ ,ඒ දෙන්න තවම ජිවත් වෙලා ඉන්නවා"
" ඒ නිසා ඒ වගේ ගොඩක් තොරතුරු තියෙනවා .වාහනේ නම්බර් එක තියෙනව.හෑන්ඩ් කප් දාලා ගියේ .උසාවියේ නඩුවක් යනවා ඒක දැකපු අය ඉන්නවා. මේ මධුෂ්කගේ පැහැර ගැනීම හොයන්න ගොඩක් පහසුයි . මොකද ඕන තරම් සාක්ෂි තියෙනවා”

දිගින් දිගටම මේ සම්බන්ධව යුක්තිය ඉල්ලමින් මයුරි තම හඬ යටපත් නොකළ හෙයින්ම ඇයද 2014 නොවැම්බර් මස 1 වන දින සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක් කොට තිබුණේ “ උඹේ කට වැඩියි. උඹ ජිවත් වෙනවද මැරෙනවද කියන එක උඹ තීරණය කරන්න ඕනෑ. උඹ ඉස්ටෙජ් ගානේ නැග්ගට වැඩි දුර යන්න දෙන්නේ නෑ. මහත්තය ගැන හොයන එක නතර කරපන්” යනුවෙන් තර්ජනය කොට භීතියට පත් කරමිනි. ඉන් පසුව ඇය මහා මග දමා ගොස් තිබුණි. එහෙත් ඇය යුක්තියේ අරගලය අඩියකදු පිටිපසට නොතබා ඇතුවා පමණක් නොව, ඒ වෙනුවෙන් තම ජිවිතයම කැප කොට තිබේ.

විශේෂයෙන්ම මධුෂ්ගේ අතුරුදහන් වීමේ සිදුවීමට හිටපු පොලිස්පති එම්.කේ .ඉලංගකෝන් මහතාගේ සෘජු දායකත්වය ලැබී ඇති බවට පවසමින්, 2015 අප්‍රේල් මාසයේදී පුත්තලම විශේෂ කාර්ය බලකා මුලස්ථානයෙන් ඈ වෙත නිර්නාමික ලිපියක් ලැබී තිබේ.මධුෂ් පුත්තලම විශේෂ කාර්ය බලකා මුලස්ථානයේදී ඝාතනය කර පුළුස්සා දමා ඇති බවත්, සුදු වෑන් කල්ලිය මෙහෙයවා ඇත්තේ රාජගිරිය විශේෂ කාර්ය බලකායේ නදීක සිල්වා නැමැත්තෙක් බවත් එහි සඳහන් කොට තිබේ.

පුදුමයට කරුණ නම් මේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඇය වාර ගණනාවකදීම ලබා දී ඇතත්, අවම වශයෙන් මේ නම් සහිත පුදගලයින්ගෙන් කට උත්තරයක්වත් වත් ලබා ගෙන නැත.එහිදී පුරවැසියන් ලෙස අපට සාධාරණ සැකයක් මෙන්ම මේ ජනතා ආරක්ෂාවට සිටින සියලු ආයතන ගැන ඇති වන්නේ කුකුසකි. මෙසේ පරික්ෂණ කර අරින්නේ කරන්නේ කාගේ වුවමනාවටද ? එසේ කිරීමෙන් ආරක්ෂා කරන්නේ කවුද? මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ජිවිත වල වගකීම මේ තරම් නොතැකිය හැකිද ?

තමන්ගේ මැතිවරණ සටන් පාඨ වලට මේ යුක්තිය කරගහ ගෙන පැමිණි යහපාලන ආණ්ඩුව ඊටත් හපන් ය. 2016 සැප්තැම්බර් මස 01 වන දින ඇය කළ උද්ඝෝෂණය හේතුවෙන්, ඇයට එරෙහිව “අයුතු ජනරාශිය සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම” යන චෝදනා යටතේ පොලිසිය විසින් නඩු පවරා තිබේ. එහෙත් මේ රටේ චන්ඩි පාට් දාන, ජනයා පීඩනයට ලක් කරන, යුතු ජන රාශීන් කරන, ඔබ බොහෝ දෙනෙක් හොඳින් දන්නා ඇතැම් පිරිස් වලට නම් මේ පොලිසියේ ඇස අන්ධ වේ. ඒවාට ගොළු බෙලි කට්ටේ හැඟෙන පොලිසිය චන්ඩි පාට් දාන්නේ දරුවන් දෙදෙනකු අතින් ගත් රාජ්‍ය බලය නැති සාමන්‍ය පුරවැසියෙකුටය.

“ මගේ දරුවෝ දෙන්න අහන ප්‍රශ්න වලට මට දැන් උත්තර දෙන්න බෑ , ඒ දෙන්නා දැන් ගොඩක් ලොකුයි”
“අවුරුදු 6 පුරාවටම ආණ්ඩු දෙකක් රජ කළා. මම යහපාලනයෙන් බලාපොරොත්තු වුණා

එහෙත් යහපාලනය විසින් ඇයට දී ඇති පොරොන්දු කන්දරාව ගැන ඔවුන්ට දැන් වගේ වගක් නැත.

" මට ගොඩක් පොරොන්දු දුන්නා.මම මෙතන්ට වාඩි වුණාම මගෙන ඇවිල්ලා, මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා මාව ගෙන්නලා ගෙනියනවා.ගෙනිහින් මට කියවනවා, මේ පරික්ෂණ කටයුතු ඉක්මන් කරනවා.මේ දේවල් හොයලා දෙනවා,ඉතින් මට බලාපොරොත්තුවක් දුන්නා.ඒවා දැන් මට බොරු කියලා හිතෙනවා.ඒක බොරුවක් ද ? ඇයි එහෙම කරේ.මාව අරන් ගිහින් මාව රවට්ටලා, මට ගෙයක් දෙනවා කියලා , ලිස්ට් එකේ නම් තියෙනවා මට නිවසක් ලබා දෙනවා කියලා අයි මාව රවට්ටන්නේ.ඇයි ඒ වගේ රැවටීම් කරන්නේ කොහොමද?

මේවාට පිළිතුරු දෙන්නට ජනතාව ගැන සිතනවා යයි කියන කිසිවෙකුත් අද නැත. කෙසේවෙතත් මදුෂ්ක පැහැරගෙන වසර 6 ක් සපිරුණු ඊයේ දින උපවාසය සවස 4 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට සුදානම් කොට තිබුණත්, එහි පැමිණි පොලිස් නිලධාරින් පවසා තිබුණේ සවස 6 ට අදාළ ස්ථානයෙන් පිටවන ලෙසය. එහෙත් මයුරිත් , පැමිණි සිටි පිරිසත් රාත්‍රී 7.30 දක්වා එම ස්ථානයේ රැදී සිටි අතර, බාධා කිරීමක් නොකළත්, පොලිස් නිලධාරින් විටින් විට නිරන්තරයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටියහ.

නිහඬ උපවාසය අවසන් වන්නට ආසන්න මොහොතක, තමන් චමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකාරකවරයෙක් යැයි හඳුන්වා ගත් පුද්ගලයෙකු පැමිණ, ඔහු වෙත දුරකථනයෙන් ඇමතුමක් ගෙන එය මයුරි වෙත ලබාදුන් අතර, මේ කරුණ පිලිබඳ සොයා බැලීමට පියවර ගන්නා බව එහිදී දුරකථනයෙන් පොරොන්දු වී තිබේ.කෙසේවෙතත් වසර 6 ක් පුරාම ඔවුන් මෙය නොදන්නේද යන්න නම් කුහුලකි.

ඇය ඉල්ලනේ මහා මෙරක් නොවේ. ඇය ඉල්ලනේ සත්‍ය දැනගැනීමේ අයිතිය ය. තම දරුවන් දෙදෙනාගේ පියාගේත්, තම ආදරණිය සැමියාගේත් ජිවිතයට සිදු වියේ කුමක්ද යන්නම පමණකි.

“ මං බලාපොරොත්තු වෙනවා, සාධාරණ පරීක්ෂණයක් ඉස්සරහට හරි කරයි කියලා.ඒකට සාධාරණය ඉෂ්ට වන තුරු මගේ අරගලය මං නවත්තන්නේ නෑ.අඩු ගානේ මොකද වුණේ කියලා හරි මධුෂ්කට මට කියන්න ඕනේ.මගේ අයිතියක් ඒක හොයන එක.මට ඒක බලාගෙන ඉන්න බෑ"

එය ඉටු වන්නේ කවදාද යන්න අපට නිශ්චිත නැත. ඒ නිසාම අප‍ට කියන්නට ඇත්තේ ඉන්න හිතෙන රටක් කියා රට වටේ පෝස්ටර් ගැසුවාට මේකේ ඉන්නේ හිතෙන්නේ නැති බවය.

මයුරි නිහඬ විරෝධය අතරතුර විකල්ප වෙත දැක් වූ අදහස්

මයුරි විසින් මේ දක්වා මධුෂ්කගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමර්ග වලින් කිහිපයක්