Loading

#YEARinReview 2017 වසරේ විකල්ප වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද "වසරේ මතක ආවර්ජන සටහන"

"වීරයෙක් විදියට ජිවත් වෙනවාද, වීරයෙක් විදියට මිය යනවාද යන කාරණය තීරණය කරන්නට ඕනා. මං කියනව බියෙන් ජිවත් වෙනවාට වඩා නිවට කමෙන් ජිවත් වනවාට වඩා ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහ සත්‍ය වෙනුවෙන් සතුටින් ජීවිතය පුජා කරන්නයි මම මේ සටනටඇවිල්ලඉන්නේ "

-මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂක , ප්‍රථම ජන රැළිය මහනුවර -මේ ගෙවෙමින් යන්නේ මෛත්‍රී ජනපතිවරයාගේ අපමණ යුගය ආරම්භ වී ගෙවෙන 1087 වන දිනයයි. 2009 මැයි 18 වන දිනෙන් අවසන් යයි කිරිබත් කා සම්මත කරගන්නා ළද ජිවිත සංහාරයෙන් පසු ගෙවුන 8 අවුරුද්දය. 2018 වසර ආරම්භයට, මේ සටහන තබන මොහොතේ සිට තව ඇත්තේ පැයකටත් අඩු කාලයකි. ඒ අතර 2015 අගෝස්තු 15 වන දින පත්වූ යහපාලන ආණ්ඩුව මේ වන විට කැබිනට් ඇමතිවරුන් 51 ක්ද , රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකුද , නියෝජ්‍ය අමාත්‍යවරුන් යනුවෙන් 22 ඇතුලු කොට 94 දෙනෙකු ඉහත කී ජනපති මෛත්‍රී හා අගමැති රනිල් සමග මෙරට පාලනය කරමින් සිටිති. පොදු විපක්ෂය නමිනුත් තව ගොයියන් කොට්ඨාශයකි. කොහොමින් හෝ ඒ එකතුව 225 කි. දියන්නාවේ සෙල්ලම් කෙළි බලමින් ඒ අතර රටකට ඕනෑ අපමණ අගය මෙයද යන්න සිතමින් මෙරට දෙකෝටියක් වන ජනතාව ද ඇස් කන් උඩදමාගෙන අවුරුද්දක් හමාර කොට තවත් අවුරුද්දකට සැරසෙමින් සිටිති.

එහෙත් කිසිදු බලාපොරොත්තුවක සේයාවක් නොමැතිව තවත් දින 365 කට මුහුණදීමට මෙරට නොසන්සිදෙන උල්පත් දිය මෙන් කදුළු දිය ගලන ඇස් ඇතිව සිටින දහස් ගණනක් වූ මව්වරුන්ට , පියවරුන්ට , දරුවන්ට , වැඩිහිටියන් ට මෙන්ම බොහෝ තරුණ ජිවිත වලට සිදුවී තිබේ. උතුරේත් දකුණේත් වෙනසක් නොමැතිව මේ ජිවිත තවදුරටත් පිඩාවට පත් සිටින්නේ තම යුක්තිය වෙනුවෙන් පෙනිසිටිමත් සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් පෙනිසිටිමත් නිසාය. කොටින්ම තම ජිවත් විමේ අයිතිය වෙනුවෙන් අනවරතව ගෙන යාමට සිදු වී ඇති අරගල නිසාය.

ඒවාට පැවති පාලකයන්ගේ ආණ්ඩු පිළිතුරු දී ඇත්තේ එක්කෝ තුවක්කුවෙන්ය, නැත්නම් සුදුවෑන් වලින්ය, පවතින ආණ්ඩු පිළිතුරු දෙන්නේ කළුදු ගෑස්, බැටන් පොළු හෝ අධිකරණ නියෝගයන්ගෙන්ය. ඒ මදිවාට දැන් නම් තවත් අලුත්ම මොස්තරයක් පැමිණ තිබේ ඒ ජනාධිපති කොමිසම් සභා පත්කිරීම සහ රාජ්‍ය ආරක්ෂාවයට කියා සියල්ල යට ගැසීමය.

ඒ අනුව 2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද "වසරේ මතක ආවර්ජන සටහන" මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන බවට සැකයක් නැත. මේ මිනිසුන්ගේ ඇත්තය. සත්‍ය වචනය. කෑකැරෙන හදවත්වල විමංශනාක්ෂින්‍ ය. ඒ අනුව මෙරට බහුතර මහජනයාට යට ගසා අමතක කරවීමට උත්සහ දරන සත්‍යන් නැවත වරක් අප ඔබ හමුවේ තබමු.ඒවා නැවත කියවිමකට අපි ඔබට මෙසේ ලියාතබමු.

.

2017 පෙබරවාරි 10වනදා මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ රැළියේදී, (Justice) කණගසභාපති විෂ්වලිංගම් විග්නේශ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ කතාවේ සම්පුර්ණ සටහන සඳහා පිවිසෙන්න

2017 නොවැම්බර් 06 වන දින පානම ශාස්ත්‍රවෙල සිය ඉඩම් අසලට පැමිණ, ගුවන් හමුදා කදවුර ඉදිරියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ ජනතාව පිලිබඳ ලියන ළද සම්පුර්ණ සටහන සඳහා පිවිසෙන්න.

Ceylon Tea 150 වන සංවත්සරය වෙනුවෙන් විකල්ප තැබූසටහන මෙතනින්

උමා ඔය ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සම්බන්ධව 2017 අගෝස්තු මස 14 වන දින තැබූ විකල්ප සටහන මෙතනින්

2009 වසරේ ජූනියේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මාරාන්තික තුවාල සිදු කරමින් වදබන්ධනයට ලක්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා 2017 ජුනි මස 20 වන දින කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ළද දින විකල්ප තැබූ සටහන මෙතනින්

2017 පෙබරවාරි මස 11 වන දින, 58 වෙනි සහ දෙහිවත්ත කඳවුරු සහ කිලිවෙඞ්ඩි මුරපොළ යන මේවාට අයත් හමුදා භට පිරිස් විසින් කුමාරපුරම්හි දී ද්‍රවිඩ ගම්වාසින් 26 දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ 21 වන වසර අනුස්මරණය වෙනුවෙන් තබන ලද සටහන මෙතනින්

අතුරුදන් වූවන් සමබන්ධයෙන් පිහිටුවන ‘අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය‘ (OMP) පිළිබදව උදයචන්ද්‍රා මවගේ අදහස් සහිත 2017 මැයි 4 තබන ළද විකල්ප සටහන

අතුරුදන් කරන ලද සිය ආදරණියන් ඉල්ලා ත්‍රීකුණාමලයේ ආණ්ඩුකාර නිළ නිවස ඉදිරිපට ආරම්භ කර තිබු උපවාසයට දින 82 ක් පිරුණු 2017 මැයි 25 වන දින අතුරුදහන් කරන ළද තම දරුවන් සොයන කදිරවේලු නම් පියා සමඟ විකල්ප කළ සාකච්ජාව

ගුවන් හමුදාව විසින් වසර ගණනාවක් බලහත්කාරයෙන් සිය සන්තකයේ තබා ගෙන සිටි සශ්‍රීක ඉඩම් සහ විශේෂයෙන් පිලක්කුඩියිරුප්පු හී ඊස්වරී මවගේ ඉඩමේ පිහිටි නිවසට කොට තිබු අලාභහානි සම්බන්ධව 2017 මැයි මස 06 වන තැබූ වීඩියෝ සහිත සටහන

අතුරුදන් කරන ලද තම දරුවා වෙනුවෙන් කිලිනොච්චියේ උපවාසයේ යෙදෙන ආදරණිය පියෙක්, විකල්ප වෙත දැක්වූ ඇති සංවේදී කතාව මෙතනින්

මේ හද කම්පා කරවන කතන්දර ගොන්නෙන් අතලොස්සක් පමණි. අනාගතය කෙසේ විය යුතුද යන තිරණය අප සැම මත පැවරෙන්නකි. 2017 වසර පුරා අවධානය ලැබිය යුතුව තිබියදී අවධානය ලබා නොගත් පුරවැසියා වෙනුවෙන් විකල්ප අපි පෙනී සිටියෙමු. ඔවුනගේ හඬට ඉඩ සැලසුවෙමු. අපට වැදගත් වන්නේ ඒ දෙනෝදාහක් වූ හඬක් නොමැති මිනිසුන් මිස මයික්‍රෆෝන ඉදිරිපිටට විත් ගිරිය කඩාගෙන කෑ ගසන ලොකු ලොක්කන් නොවන බව අවධාරණය කරමු. අවසන් වශයෙන් අපට කියන්නට ඇත්තේ යහපාලන බසයේ නැග ඇති ඇමති කට්ටුවත්, බසය පදවන ලොකු උන්නැහේටත්, කොන්දොස්තර උන්නැහේත් දැන් දැන් බසය පදවමින් පැමිණෙන්නේ වැරදි පාරේ බවය. පාර වරද්දා ගැනීම කොලෑ වීමට මගක් වන බව කෙස් පැහහිච්ච උන්දෑලාට අපි අමතුවෙන් මතක් කර දිය යුතු නොවෙමු.

මේ කටුක ජිවිත යථාර්තයන්ට සාමය උදාවනු දැකීම 2018 අපගේ පැතුමයි. ඒ වෙනුවෙන් පිඩිත මිනිසාගේ අයිතීන් මෙන්ම සමස්ත ජනයා වෙනුවෙන් විකල්ප තවදුරටත් තම හඬ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා නිදහස වෙනුවෙන් වන ජනතා අරගලයේදී නංවනු ඇත. ඒ තවදුරටත් මෙවන් බලාපොරොත්තු ඇති දහස් ගණනක් වෙනුවෙනි.

"අපියි මේ රජය ගෙනාවේ. අපි තමයි ගෙවල් ගානේ ගිහින් රජය වෙනුවෙන් කතා කරේ. රජය අපිට පිහිට වෙයි කියන විශ්වාසය, බලාපොරොත්තුව නිසා තමයි අපි එහෙම කළේ. මේ වනතුරු කිසිඳු පිහිටක් ලැබුණේ නැහැ. මින් මතුත් ලැබෙනවා කියන කිසිඳු විශ්වාසයක් නැහැ.ජනාධිපතිතුමා අපේ දුකට සවන් දිය යුතුයි. ඔහු ඇස් වහගෙනයි ඉන්නේ. ඇයි කියලා අපි දන්නේ නැහැ.අතුරුදහන් වූවන් වෙනුවෙනුයි අපි ජීවත් වෙන්නේ. පණ පිටින් තවමත් ඉන්නෙත් අපිට සාධාරණ විසඳුමක් අවශ්‍ය නිසයි"

යනුවෙන් අමතක රෝගයෙන් පෙලෙන ඇත්තන්ට ජනතාව මතක් කොට දෙති.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.