Loading

මැයි 18: මේ ශෝකාවේගයන් පූර්ණ මිනිස් වේදනාවන් නොවේද?

සිය මළවුන් සැමරීමට දෙමළ ජනයාට ඉඩ නොදිය යුතු යැයි දකුණේ ඇතැම් දෙනා තවමත් කල්පනා කරති. තමන්ගේ මළවුන් අනුන්ගේ මළවුන්ට වඩා උසස් යැයි සිතන්නන් වියෝ දුක් ළතැවුල් ජාතීන් අනුව වෙනස් වෙතැයි අදහන සෙයකි. 'ත්‍රස්තවාදය දිග් විජය කළ පසු' වැනසී පරාජය වූවන්ට වියෝග වේදනා ඉතිරිවන්නේ කෙසේදැයි අසන්නේ එහෙයිනි. 'යුද්ධයම ත්‍රස්තවාදයක් වන විට ත්‍රස්තයට එරෙහි යුද්ධයක් තිබිය හැක්කේ කෙසේදැයි' වරක් ඇසුවේ විකල්ප ඉතිහාසඥයෙකු වන හවර්ඩ් සින් විසිනි.

සය වසරකට පෙර, ඉන්දීය සාගර ඉමෙහි බිම් කඩකට කොටුකරන ලදුව ගොඩින්ද, මුහුදෙන්ද, ගුවනින්ද වටකොට එල්ල කළ ප්‍රහාරයන්ට ගොදුරුව, හාමතින් මිය ගිය සිය දූ - දරු, මා - පිය ඥාතීන් සිහිකොට පහනක් දල්වනු වස් දහසකට ආසන්න දෙමළ ජනයා මුල්ලිවයික්කාල් වෙරළ තීරයට මැයි 18 වැනිදා රැස් වූහ.‍ නිහඬ වැලිතලා සිප හඬා වැළපෙන ගැහැණුන් ද, පිරිමින් ද, දරුවන් ද ඇතුළු මිනිස් කැළතක් ශිෂ්ටාචාරයේ අඳුරුතම පරිච්ඡේයක් සංවේගයෙන් ස්මරණය කළහ.

මේ සාමූහික ශෝකාවේගයන් පූර්ණ මිනිස් වේදනාවන් සේ පිළි ගැණෙනු ඇත්තේ කවදාද?

2015 මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් වෙරළෙහි රළ නගන ස්මරණ වේදනාවන් කැමරා කාචයට හසුකරගත් ලක්‍ෂ්මන් වර්ණකුලසූරියගේ සේයා රූ විසින් මතුකරන නිහඬ පැනය එයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

Credits:

© Lakshman Warnakulasooriya | JDS

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.