Loading

"අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ. කොහොමද මේ රටේ අපි අපේ දරුවෝ හදන්නේ,කොහොමද දරුවෝ නිදැල්ලේ යවන්නේ, ඔවුන් කොහොමද ආරක්ෂා කරන්නේ " උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් අද මහා වැසි නොතකා මහා පාරේ

"අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ . ඔවුන් අපි වෙනුවෙන් කරපු දෙයක් නෑ.අපේ දරුවන්ට කරපු කිසිම දෙයක් නෑ. දැන් මේ පුදුමාකාර අරාජික තත්වයක් තියෙන්නේ. අපි දන නෑ කොයි ආණ්ඩුව ද කොයි අගමැතිද මේ පත් වෙලා ඉන්නේ කියලා. කවුරු යටතේද වැඩ කරන්නේ. පොලිසියට බලතල තියෙනවද? මොකද පොලිසියටත් ගහනවනේ පාර්ලිමේන්තුවේදී . ඉතින් මෙවැනි තත්වයක් තුළ කොහොමද මේ රටේ අපි අපේ දරුවෝ හදන්නේ,කොහොමද දරුවෝ නිදැල්ලේ යවන්නේ, ඔවුන් කොහොමද ආරක්ෂා කරන්නේ " - ප්‍රවීණ රංගන ශිල්පිණි කෞශල්‍යා ප්‍රනාන්දු

මෙසේ කියා සිටියේ මිට මසකට පෙර ජනපතිවරයාගේ අත්තොනෝමතික ක්‍රියාකලාපයන් හරහා රට අරාජික වීම හමුවේ

"ජනාධිපතිතුමනි, දැනටමත් බොහෝ පමා වී ඇත. ඔබ හමුවේ ඇත්තේ. රටක, සමස්ත දරු පරපුරක අනාගතය පිළිබද වගකීමයි. මේ රට තව තවත් අඳුරට ගමන් කිරීමෙන් වැළැක්වීමට වහාම ඉදිරිපත් වන ලෙස අපි ඔබට බල කර කියා සිටිමු.ඉපදුණු සහ ඉපදෙන්නට සිටින දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කර දීම මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබ වෙත මේ මොහොතේ පැවරී ඇති අත්‍යන්ත වගකීම බව නැවතත් මතක් කර සිටිමු"

"උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි" යනුවෙන් අද දින ගාලු මුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනින් ගොස් ඔහු වෙත ලිපියක් භාරදීම සඳහා "ශ්‍රී ලාංකික කාන්තාවන්" නමින් රංගන ශිල්පිනියන්, ලේඛිකාවන්, ජනමාධ්‍යවේදිනියන්, සමාජ ක්‍රියාකාරිනියන්, නිර්මාණකරුවන් මෙන්ම ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටි අවස්ථාවේදීය.

විරෝධතාවය ආරම්භයේදීම මහා වැසි ඇති වූ අතර එය නොතකා හරිමින් පැමිණි සිටි සියලු කාන්තාවන ඇතුළු පිරිස අඛණ්ඩව තම විරෝධතාවයේ පාගමන සමඟ සම්බන්ධ වනු දක්නට ලැබිම ඉතා ප්‍රශංනීය එකකි.

"මෙ තනින් එහාට යන්න දෙන්න බෑ. ජනාධිපතිතුමාට මරණ තර්ජන තියෙන නිසා"

ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වා මහ වැසි නොතකා ගමන් ගත් කාන්තාවන් ජනාධිපති ලේකම් කාර්‍යාලය පරිශ්‍රය අසලට වත් ලඟා වීමට අවසර නොදෙමින් නවතා, පොලිසිය මග අවහිර කළ අතර ඉහත සන්නස භාර දීම සඳහා කාන්තාවන් 4 දෙනෙකු සඳහා පමණක් ඉන් ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙන ලදී.

මෙහිදී විරෝධතාවට එක ව සිටි ක්‍රියාකාරීන්, රංගන ශිලිපිනියන් ඇතුළු කිහිප දෙනෙක් විකල්ප වෙත දැක් වූ අදහස් මෙසේයි.

"මේ ජනාධිපතිවරයාගේ පාවාදීම හමුවේ අපි හැඟීම්බර වෙලා ඉදලා හරියන්නේ නෑ , ඒ වෙනුවෙන් මහා පාරට බහින්න වෙනවා අපිට" - නදී කම්මැල්ලවීර -
"මන් හිතන්නේ පාලකයන්ට හෘදය සාක්ෂියක් නැති වුනාට,එදා දවසේ එකක් කියලා අද දවසේ එකක් කියන පාලකයන්ට හෘදය සාක්ෂියක් නැති උනාට අපිට හෘදය සාක්ෂියක් තියෙන්නේ. මේ සියල්ලෙන්ම අපි කම්පාවට පත්වෙනවා "- ප්‍රවීන රංගන ශිලිපිණි චාන්දනී සෙනවිරත්න
"ජනපතිවරයාට සහ මේ අටවා ගත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවට විරෝධය පළ කරන්න තමයි කාන්තාවෝ විදියට අපි අද මෙතනට එකතු වුණේ "- රංගන ශීල්පිනි සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක
"මේ රටේ ජනතාව නියෝජනය කරන්න කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ මුග්ධ ආර්ථකාමි පිරිස සිදු කරමින් ඉන්නේ තමන්ගේ පක්ෂ තමන්ගේ පෞද්ගලික දේවල් රැකගන්න එක. මේ වෙනුවෙන් නෙවෙයි අපි ඔවුන්ව පාර්ලිමේන්තුවට යැව්වේ,අපි නිහඬව ඉන්නේ නෑ තව කාලයක් මේක මෙහෙම කළොත් " - ප්‍රවීණ රංගන ශිල්පිණි සමනලි ෆොන්සේකා -

මෙම අවස්ථාවට එකතු වී සිටි අතුරුදහන් කරන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද රට තුළ පත්ව ඇති තත්වය හමුවේ තැනගේ ස්වාමියා වෙනුවෙන් වන යුක්තිය සෙවීමේ අරගලය පිළිබඳවද අප වෙත අදහස් දැක්වුයේ දෙගියාවකිනි.

"2015 වේදී අවුරුදු 5 ක් පරක්කු වෙලා පටන් ගත්ත නඩු වලට මොකද වෙන්නේ කියන අවිනිශ්චිත තාවය් අපිට මතු වෙලා තියනවා. කිසියම් හෝ හේතුවක් මත අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාරු කරපු එක නැවතත් අකුලා ගත්තත් , උසාවි වලට බලපෑම් කල හැකි තත්වය තවමත් තියෙනවා " - සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය -

රටේ අවසානාවට කෙසේ හෝ මෙරට පාලකයින් වෙනුවෙන් මහජනතාවට රාජ්‍ය පාලනයේ 'අ' යන්නේ සිට ඔවුන්ට උගන්වන්නට සිදුව ඇත. ඔවුන් ගෙවුණු වසර 70 පුරා උගත් බවක් නම් එහෙත් අදටත් පෙනෙන්නට නැත. එසේ තිබි යදී පවා ජනතාව මේ කරනා කැප වීම් දෙස දශමයකින් හෝ තැකීමක් කරන්නට හෙට හෝ අප රාජ්‍ය පාලයන්ට සිත් පහල වනු ඇතිදැයි යන ගැටලුව පමණක් අද අපට ඉතිරිව තිබේ.

විකල්ප විසින් අද දින ගන්නා ලද විරෝධතාව අතරතුරදී ගන්නා ලද සියලු සජීව දර්ශන හා ජායාරූප ෆේස් බුක්, ටිව්ටර් හා ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ නැරඹීම සඳහා පිවිසෙන්න

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.