Loading

ආදරණියන් වෙනුවෙන් තවමත් මතක දල්වන මිනිසුන් යුද්ධයෙන් ඉනික්බිති වසර 10 කට පසු (PHOTOS)

ගිනි ගහන අව්වේ, දුඹුරු වී ගිය වැලි පොළොවේ පයක් තබන්නට තියා සිතන්නට වත් බැරිය. ඇස් දෙක නිලංකාර වෙන ගිනියමක් මේ අවට වෙලාගෙන තිබේ. ඒ අතර පෑගෙන වැලි කැට අතරේ නිදිගත් ජිවිත වෙනුවෙන් මිනිසුන් පැමිණ තිබේ. දැන් මැයි මාසයේ පිපෙන මල්, පුජා කරන්නට වී තිබෙන්නේ මලවුන්ට ය. ඉතිහාසය අපිට උරුම කොට ඇති දී ලේ විල් වෙනුවෙන් මිනිසුන්ගේ සුසුම් වා තලයට මුසුවෙමින් තිබේ. හොරෙන් මුමුණන්නෝය. හොරැහින් දෑස් පිසදමන්නෝ ය. එහෙත් මේ පපු පුරා කැකෑරෙන ගිනි දැල් මහපොළොවට හැංගිය හැකිද? මැයි 18 ට වසර 10 කි. තවමත් ජිවිත ඔහේ සුළගේ පාවෙමින් ඇත. වසර 10 කට පසුත් ඒ භූමිය ගිනිගහන අව්වේ කදුළු වලින් රත් වී තිබේ.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.