Loading

වලිකාමම්: හමුදාවේ 'අවුරුදු තෑග්ග'

ශ්‍රී ලංකා යුද හමුදාව 1990 පටන් වාඩිලාගෙන සිටි දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 650 ක ඉඩම් 2018 අප්‍රේල් මාසයේදී මුදා හරින ලදී. සිංහල අලුත් අවුරුද්ද හා සමගම වාගේ ඒ ඉඩම් මුල් අයිතිකරුවන්ට ආපසු බාර දෙන ලද්දේ හමුදාවේ “අලුත් අවුරුදු තෑග්ගක්’ බව පවසමිනි.

අධි ආරක්ෂක කලාපයක් කොට තහංචි දමා 28 වසරක් තිස්සේ අත්පත් කරගෙන සිටි එම භූමියෙන් සෑහෙන කොටසක් අයත්වන්නේ යාපනයේ උතුරු වලිකාමම් ප්‍රාදේශීය සභාවට ය.

“හමුදාව එහෙ මෙහෙ යනකොට, බිම් බෝම්බ ඉවත් කරන උපකරණයි, නවීන යන්ත්‍ර සූත්‍රයි ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට අරගෙනයි යන්නේ. අපිට ඒ මුකුත් නෑ,” යි ආපසු ගිය ගම්වැසියකු පැවසීය.

“අවුරුදු තෑග්ගත් එක්ක අපිට ලැබුනු සැනසිලි තෑග්ග තමයි පුපුරා යාමේ අවදානම.”

ඉඩම් බාරදීමට පෙර බොහෝ නිවාස පොළොවට සමතලා කර දමන ලදී. ඉතිරි වූ නටබුන් නැගී සිටින්නේ අවතාර මෙනි - අමතක කොට අතහැර දමා ය.

“ළිඳක් සුද්ද කරගන්න රුපියල් 35, 000 ක් දෙන්න ඕනේ. ඉඩම එළි කරගන්න නම් පැයට 3,500 ක් ගෙවන්න වෙනවා,” යි බොහෝ දෙනා මැසිවිලි නැගූහ.

“අපිට හැමදේම නැති උනා.” වියපත් මිනිසෙක් කොඳුරයි.

“ඉස්සෙල්ලාම අපේ අයිතිය උදුරාගත්තා. ඊළඟට අපේ ළමයි සහ ඉඩ කඩම්. ඔක්කොම නැති වෙලා කියාගන්න බැරි තරමේ දුක් කන්දරාවක් කෙලවර, ඔන්න අපිට දුන්න අවුරුදු තෑග්ග.”

ඉක්බිති, සුසුමක් හෙලූ ඔහු ඉවතට ඇවිද ගියේය.☐

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

Credits:

Roshan Chaturanga | JDS Lanka

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.