“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා, පළතුරු, එළවළු ඔක්කොම අපි වැව්වා. සමහර ගෙවල් තියනවා සුද්දාගේ කාලේ හදලා දීපුවා. ඒ නිසයි අපි කියන්නේ මේවා අපේ පරම්පරා ඉඩම් කියලා. පල්ලීයක් තියනවා, අපිට පාසලක් තියනවා. නමුත් දැන් ඒවා ඔක්කොම කඩා දාලා.
අපේ දෙමාපියන්ව නැති කලා. අපේ නෑදැයින්ව නැති කලා, අපේ දරුවන්ව නැති කලා. දැන් අපි ඉල්ලන්නේ අපේ ඉඩම විතරයි. ඒකවත් දෙන්න.
මෙයට ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පොරොන්දු උනා අපේ ඉඩම් දෙනවා කියලා. නමුත් අදට දවස් 359 ක් වෙනවා. තාමත් අපිට අපේ ඉඩම් ලබා දුන්නේ නැති නිසා තමයි අද අපේ දූපතට ආවේ. අපිට අපේ ඉඩම් දෙනකං අපි යන්නේ නෑ. අපේ රැකියාවල් නැතිවෙලා තියනවා. අපි එහේ රැකියාව කරන කොට ලීටර් 15ක් විතර යනවා, මෙහේ අපේ රස්සාව කරොත් යන්නේ එක ලීටරයක් විතර. අපි මෙහෙට රැකියාව කරන්න ආවත් අපිව එලවනවා. ඇයි අපි එළවන්නේ. මේවා අපේ පරම්පරා ඉඩම්.
අපිට කවුරුත් සල්ලි දෙන්න ඕන නෑ. අපිට මෙහේ ඉඩම් දීලා අපිට රස්සාව කරන්න නිදහස දුන්නොත් පල්ලිය නෙමෙයි, අපේ ගෙවල්, පාසල වගේ ඕනම දෙයක් අපිට හදා ගන්න පුලුවන්.
මේ භූමිය අපිට ඖෂධයක්! අපිට නිදහසේ ජීවත් වෙන්න නම් මේ භූමිය අනිවාර්යෙන් අපිට ලැබෙන්න ඕන”
ඒ අම්මා ඩග්ලස් තුෂිය. ලිවිය යුතු බොහෝ දේ එක හුස්මට අම්මා අපට කිව්වේ නිරන්තරයෙන් ඈ අත තිබු කුරුසය මත තම සුසුම්ද පාකර හරිමිනි.
ඉරණතිව් මාතා නගර් හි දින 359 ක් පුරා එනම් වසරක් සපිරීමට නියමිත උපවාසයක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුනේ දුපතෙහි පාරම්පරික ලෙස ධිවර රැකියාවේ යෙදෙමින් ජිවත් වූ ජනයා එම දුපතෙන් ඉවත් කිරිම නිසාය.මේ වන විට යුද්ධය අවසන් වී වසර 9 ක් ගෙවීමට තවත් ඇත්තේ මසකටත් අඩු කාලයක්. එහෙත් නාවික හමුදාව විසින් එම සමස්ත භූමියම ජනතාවට ඇති නීතිමය අයිතීන්ද නොතකා පාලනය සියතට ගෙන තිබේ. බෝට්ටු 40 කට ආසන්න සංඛ්‍යාවකින් , ඒ වෙනුවෙන් විරෝධය දක්වමින් අද දින ඉරණතිව් මාතා නගර් සිට දුපතෙන් ඉවත් කිරීම නිසා අවතැන් වී සිටින 300 පමණ වූ වැසියන් ඉරණතිව් දුපත වෙත සංකේතාත්මක පැමිණි අතර දුපතට ජනයා පැමිණි විගස එය ප්‍රශ්න කරමින් නාවික හමුදා නිලධාරින් තිදෙනෙක් ජනතාව හා ඒ සමඟ පැමිණි ආගමික නායකයන් හමුවට පැමිණියේ
“ ඇයි ඔයාල අද මෙහෙ අවේ, අපි නේවී එකෙන් මිලියනයක් වෙන් කරලා තියනව පල්ලිය ආපහු හදන්න. අපියි හදන්නෙත් '' යනුවෙන් පවසමිනි.
“අපිට තියෙන ප්‍රශ්නේ පල්ලිය නෙවෙයි.මේ අහිංසක මිනිස්සුන්ට ඕනේ ආයෙත් මෙහෙ ඇවිත් ඉස්සර වගේ පුරුදු විදියට යාඥා කරන්න, ආපහු ඉස්සර වගේම තමන් හරි හම්බකරගත්ත ජීවනෝපාය වෙන ධිවර කටයුතු වල යෙදෙන්න, තමන් උපන්න, තමන්ට නිත්‍යානුනුකූල භුක්තිය තිබෙන තමන්ගේ සම්ප්‍රදායික ඉඩම් වල ජිවත් වෙන්න. ඒ තිබුණු ගහ කොළ බලන්න. ඉරණතිව් කියන්නේ මේ අය උපන්න, අවුරුදු 200ක් විතර ජිවත් වුණු තැන. එයාලට එයාලගේ ගෙවල් බලන්නයි ඕනි. ජිවත් වෙන්නයි ඕනි. එයාලගේ ඉල්ලීම් හරි සරලයි. ඔයාලා නේවී එකේ ඔයාලාගේ රාජකාරි කරගෙන යන්න, මිනිස්සු එයාලගේ ජීවිකාව කරන් ජිවත් වෙයි, ඔයලා හිටිය කියලත් එයාලට ප්‍රශ්නයක් නෑ . අද මිනිස්සු ආවේ මෙහෙ ඉන්න. ඒක තමයි මේ ගමනේ අරමුණ “ - අරුල් චෙල්වන් පියතුමා එයට පිළිතුරු දෙමින් අදාළ නිලධාරින් වෙත දන්වා සිටියේ ය.
“අද ආපහු යනවාදැයි” අප ඉරණතිව් දුපතේ සිට පෙරළා පිටත් වීමට පෙර මව්වරුන් පිරිසකගෙන් විමසීමක් කළ අතර ඔවුන් එක හඩින් අපට ප්‍රකාශ කලේ “ අපි අද යන්නේ නෑ, , , බලන්න අපි ඇදුම් පවා මාරු කලා දැන්, මේක තමා අපේ වස්තුව , අපේ බිම.ෂෙල් වෙඩි දාන කලේ පවා මේ පොලොව අපිව රැක්කා , අපි යන්නේ නෑ .අපිට අපේ ඉඩම් දෙනකම් අපි යන්නේ නෑ’
අපේම රටේ එක්කොනක ජිවිතය ගත කරන අපේම මිනිසුන් නොවේද මේ ? ඇයි අපිට නිතැතින්ම ඇති අයිතිය ඔවුනට හිමි කමක් නොවීමටත් , අරගල කරමින් ඉල්ලීමටත් , ඒවා ඇතැමුන් කියන පරිදි තෑගී හෝ පරිත්‍යාග කිරීම් ලෙස ලබා ගැනීමටත් මේ ජනතාවට පමණක් සිදුව ඇත්තේ ? සිංහල හීනය අප බලාපොරොත්තු වන්නේ මේ මිනිසුන්ගේ ජිවිත අයිතීයෙන්ද අපි ඔබගෙන් ද , වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කරමු.